Ultimate magazine theme for WordPress.

පාකිස්තාන උපදේශක ලෙස හේඩ්න් පත් කෙරේ

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා පාකිස්තාන කණ්ඩායමේ උපදේශක ලෙස ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක මැතිව් හේඩ්න් පත් කර තිබෙනවා.

ඔහු පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලානයේ දී පාකිස්තාන කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස ද කටයුතු කළා.

ඔක්තෝබර් 15 වැනිදා බ්‍රිස්බේන් හී දී මැතිව් හේඩ්න් පාකිස්තාන සංචිතය සමග එක් වනු ඇති.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිතයි.