Ultimate magazine theme for WordPress.

රෝහිට්ගෙ සැලසුම අපිට තේරුණ නිසයි එහෙම කරේ – භානුක

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව පැවැති සුපිරි 4 වටයේ තරගය ජය ගැනීමට ද බෙහෙවින් හේතු වූයේ කුසල් මෙන්ඩිස් හා පැතුම් නිස්සංක ලබා දුන් ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය බව ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු භානුක රාජපක්ෂ පවසනවා.

ඉන්දියාවට එරෙහි තරගය කඩුලු 6 කින් ජය ගැනීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට පන්දුවාර 2ක් පමණක් යොමු කිරීමට ලබා දීමට හේතු වූ කරුණු ද මෙහිදී භානුක අනාවරණය කළා.

අසිත ප්‍රනාන්දු මෙම තරගයේ දී යොමු කළ පන්දුවාර 2 තුළ දී ප්‍රතිවාදී පිතිකරුවන් ලකුණු 28 ක් රැස් කිරීමට සමත් වුණා.

රෝහිට් ෂර්මා ප්‍රමුඛ ඉන්දීය පිතිකරුවන් ඔහුට පහර දීමේ සැලසුමක සිටි බව හදුනා ගත් බැවින් අසිතට පන්දුවාර 2ක් පමණක් ලබා දීමට සිදු වූ බවයි භානුක සදහන් කළේ.

මේ වන විට ලකුණු අතර නොමැති චරිත් අසලංක පිළිබද මෙන්ම පන්දුවෙන් සුවිශේෂී දක්ෂතා දැක් වූ ඩිල්ෂාන් මදුෂංක සම්බන්යෙන් ද මෙම මාධ්‍ය හමුවේ දී භානුක රාජපක්ෂ අදහස් පල කළා.

දර්ශන පහතින් නරඹන්න –