SA20 : ශ්රී ලංකා ක්රීඩකයින් 30කට වැඩි පිරිසක් වෙන්දේසියට ලියාපදිංචි වෙයි

දකුණු අප්රිකාවේ පැවැත්වීමට නියමිත නවතම පන්දුවාර 20යි 20 ලීග් ක්රිකට් තරගාවලිය වන SA20 (එස් ඒ ට්වෙන්ටි) තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය සදහා ලියාපදිංචි වී සිටින ක්රීඩකයින්ගේ ලැයිස්තුව දකුණු අප්රිකා ක්රිකට් ආයතනය විසින් අනාවරණය කර තිබෙනවා.
රටවල් 18 කින් ක්රීඩකයින් 533 දෙනෙකු මේ වන විට ඊට ඇතුළත්ව ඇති අතර, වෙන්දේසිය සදහා කිසිදු පාකිස්තාන ක්රීඩකයෙකු මෙතෙක් ලියාපදිංචි වී නැහැ.
ක්රීඩක වෙන්දේසිය සැප්තැම්බර් 19 වැනිදා කේප් ටවුන් හී දී පැවැත්වීමට නියමිතයි.
වෙන්දේසියට ලියාපදිංචි වී ඇති ක්රීඩකයින් අතරින් 248 දෙනෙකු දකුණු අප්රිකානු ක්රීඩකයින් වනවා.
එංගලන්ත ක්රීඩකයින් සිය දෙනෙකුට වැඩි පිරිසක් ද, බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩකයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් ද, ශ්රී ලංකා ක්රීඩකයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් ද ලියාපදිංචි වී තිබෙනවා.
ඇෆ්ඝනිස්තාන ක්රීඩකයින් 25 දෙනෙකු ද, සිම්බාබ්වේ ක්රීඩකයින් 10 දෙනෙකු ද වෙන්දේසිය වෙනුවෙන් සිය නම් ඉදිරිපත් කර ඇති බව සදහන්.
අමෙරිකා එක්සත් ජනපදය, රුවන්ඩාව, ස්විඩන්, බර් මියුඩාව වැනි රටවල ක්රීඩකයින් ද මෙම තරගාවලියට ක්රීඩා කිරීමට කැමැත්තෙන් පසුවීම විශේෂත්වයක්.
කණ්ඩායම් 6 ක් තරගාවලිය සදහා ක්රීඩා කරන අතර, එම සියලු කණ්ඩායම්වල හිමිකාරීත්වය දරනු ලබන්නේ ඉන්දීය ප්රිමියර් ලිග් ක්රිකට් තරගාවලියට ක්රීඩා කරන කණ්ඩායම්වල හිමිකරුවන් විසින්.
ඒ හේතුවෙන් දකුණු අප්රිකා 20යි 20 ලීග් තරගාවලියට පාකිස්තාන ක්රීඩකයින්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබෙනවා.
කොදෙව් දූපත්හි ජයිඩන් සීල්ස් හා ඔඩියන් ස්මිත් දකුණු අප්රිකානු රැන්ඩ් 1,750,000 ක (රුපියල් කෝටි 3.6ක් පමණ) මූලික වටිනාකමක් යටතේ වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචි වී තිබෙනවා.
චාමික කරුණාරත්න, ඔයින් මෝර්ගන්, අඩිල් රෂීඩ්, ජේසන් රෝයි, ටිමාල් මිල්ස්, ඩේවිඩ් විලී හා ජිමී නීෂම් යන ක්රීඩකයින් දෙවැනි ඉහළම මූලික වටිනාකමක් හිමි කාණ්ඩය වන රැන්ඩ් 1,700,000 ක (රුපියල් කෝටි 3.5 ක පමණ) වටිනාකමක් යටතේ ලියාපදිංචි වීමටයි පියවර ගෙන ඇත්තේ.
රැන්ඩ් 850,000 ක (රුපියල් කෝටි 1.7 ක් පමණ) වටිනාකමක් හිමි කාණ්ඩය යටතේ ශ්රී ලංකා ක්රීඩකයින් වන ධනංජය ද සිල්වා, චරිත් අසලංක හා පැතුම් නිස්සංක ලියාපදිංචි වී තිබෙනවා.
ක්රීඩක වෙන්දේසියට පෙරම සියලු කණ්ඩායම් විසින් සිය කණ්ඩායම් වෙත ක්රීඩකයින් කිහිප දෙනෙකු මිලදී ගැනීමට මීට පෙර කටයුතු කළා.
ඒ අනුව ශ්රී ලංකා දග පන්දු යවන ක්රීඩක මහීෂ් තීක්ෂණ මේ වන විටත් ජොහැනස්බර් ග් සුපර් කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී අවසන්.
වෙන්දේසියට පෙර මිලදී ගත් ක්රීඩක ලැයිස්තුව –
MI Cape Town: Kagiso Rabada, Dewald Brevis, Liam Livingstone, Rashid Khan, Sam Curran
Durban Super Giants: Quinton de Kock, Prenelan Subrayen, Reece Toppley, Jason Holder, Kyle Mayers
Johannesburg Super Kings: Faf du Plessis, Gerald Coetzee, Maheesh Theekshana, Romario Shepherd
Pretoria Capitals: Anrich Nortje, Migael Pretorius
SunRisers Eastern Cape: Aiden Markram, Ottniel Baartman
Paarl Royals: David Miller, Corbin Bosch, Jos Buttler, Obed McCoy