කෝලි හා සූර්යකුමාර්ගේ ප්‍රහාරය ඉන්දියාව සුපිරි 4 ට ගෙන යයි
Match Report

විරාට් කෝලිගේ හා සූර්යකුමාර් යාදව්ගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් හොං කොං කණ්ඩායම පරදා ලකුණු 40 ක ජයක් වාර්තා කරමින් සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(31) සමත් වුණා.
ඩුබායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ හොං කොං කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා.
ඒ අනුව ඉන්දියාව නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 2 ක් දැවී ලකුණු 192 ක් ලබා ගනිමින්.
රෝහිට් ෂර්මා ලකුණු 21 කට දැවී ගිය අතර, කේ.එල් රාහුල් ලකුණු 36 යි.
අනතුරුව තෙවැනි කඩුල්ල සදහා පන්දු 42 කින් ලකුණු 98 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නගමින් ඉන්දීය ඉනිම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට විරාට් කෝලි හා සූර්යකුමාර් යාදව් සමත් වුණා.
කෝලි පන්දු 44 කින් නොදැවී ලකුණු 59 යි. හයේ පහර 3 ක් හා හතරේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
සූර්යකුමාර් පන්දු 26 ක් පමණක් වැය කරමින් ලකුණු 68 ක් නොදැවී ලබා ගත්තා. හයේ පහර 6කින් හා හතරේ පහර 6 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.
පන්දු යැවීමේ දී Ayush Shukla හා Mohammad Ghazanfar කඩුල්ල බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොං කොං කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.
Babar Hayat ලකුණු 41 ක් ද, Kinchit Shah ලකුණු 30 ක් ද රැස් කළා.
පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර්, අර්ෂ්දීප් සිං, රවීන්ද්‍ර ජඩේජා හා අවේශ් ඛාන් කඩුල්ල බැගින් බිද හෙලුවා.
She said YES! 😍💍
A heartwarming moment where Hong Kong's @shah_kinchit95 proposed to his SO after playing a big match against India 🥰
A huge congratulations to the happy couple. We wish you all the joy and happiness in your new life together ❤️#AsiaCup2022 #GetReadyForEpic pic.twitter.com/CFypYMaPxj— AsianCricketCouncil (@ACCMedia1) August 31, 2022