Ultimate magazine theme for WordPress.

වනිදු හසරංග වොරියර්ස් කණ්ඩායම සමග එක්වෙයි

ශ්‍රී ලංකා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියරේදී නොදර්න් වොරියර්ස් (Northern Warriors) කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිත බව එම කණ්ඩායම විසින් අද පස්වරුවේ දී නිවේදනය කළා.

Northern Warriors කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු (Icon Player) ලෙස ඔහු සමග එළඹෙන තරග වාරය වෙනුවෙන් ගිවිසුම්ගතව ඇති බවයි එම කණ්ඩායම නිවේදනය කළේ.

පසුගිය තරග වාරයේදී වනිදු හසරංග ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ අතර, ඔහු තරග 12කදී කඩුලු 21 ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට ද පත්වුණා.

මේ අතර, ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එළඹෙන තරග වාරය වෙනුවෙන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම විසින් ‍සිය සංචිතයේ රදවා ගැනීමට ද පියවර ගෙන තිබෙනවා.

මෙවර අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි.