රනුදගේ සටන්කාමී ශතකය හේතුවෙන් ශ්‍රී ලංකාවට එංගලන්තයේ දී සුපිරි ජයක්
Match Report

එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැති පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා.
Chelmsford හී දී පැවැති තරගය ජය ගැනීම සදහා තරගයේ අවසන් දිනය වූ ඊයේ(24) දිනයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලකුණු 273 ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එම ඉලක්කය කඩුලු 7ක් දැවී පසු කර ගියා.
ශ්‍රී ලංකා යොවුන් පිලේ 5 වැනි කඩුල්ල ලකුණු 98 දී දැවී ගියත් රනුද සෝමරත්න පන්දු 115 කින් නොදැවී ලකුණු 120 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට අනර්ඝ ජයග්‍රහනයක් හිමි කර දුන්නා.
ලහිරු චේතක ලකුණු 49 ක් ද, වනුජ සහන් නොදැවී ලකුණු 23 ක් ද, නායක රවීන් ද සිල්වා හා අසිත වන්නිනායක ලකුණු 22 බැගින් ද රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා. විනුජ රන්පුල් ලකුණු 18යි.
Thomas Aspinwall කඩුලු 4 ක් දවා ගත් අතර, Dominic Kelly කඩුලු 2 ක් බිද හෙලුවා.
තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත යොවුන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 387 ක්. George Bell ලකුණු 107 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී දුවිදු රණතුංග ලකුණු 100කට කඩුලු 4ක් දවා ගත්තා.
අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 407 ක් ලබා ගත්තා. අසිත වන්නිනායක ලකුණු 132 ක් හා රනුද සෝමරත්න ලකුණු 65 ක් රැස් කළා.
එංගලන්ත දෙවැනි ඉනිම සියලු දෙනා දැවී සටහන් වුණේ ලකුණු 292 ක් ලෙසයි. Ross Whitfield ලකුණු 110 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී වනුජ සහන් කඩුලු 4 ක් ද දුවිදු රණතුංග කඩුලු 3 ක් ද බිද හෙලුවා.
Stunning win at Chelmsford for Sri Lanka. Chasing 273, they were 98 for five but Ranidu Somaratna came up with a superb unbeaten 120 off 115 when chips were down. Special player. Those flicks for boundaries off Ashpinwall gave memories of ADS against Lee at Centurion in 2003. pic.twitter.com/S2G0K13PzC
— Rex Clementine (@RexClementine) August 24, 2022