Ultimate magazine theme for WordPress.

චමරි අතපත්තු WCPL හා 6IXTY තරගාවලියට

පළමු වරට සංවිධාන කරන කැරබියන් ප්‍රිමියර් ලීග් කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය (WCPL) සදහා හා කාන්තා සික්ස්ටි (6IXTY) හෙවත් පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන සංචිත තරගාවලි සංවිධායකයින් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදෙස් ක්‍රීඩිකාවන් 9 දෙනෙකු මෙම තරගාවලි සදහා එක්වන බවයි සංවිධායකයින් නිවේදනය කළේ.

6IXTY තරගාවලිය අගෝස්තු 24 වැනිදා සිට 28 වැනිදා දක්වා ද, WCPL තරගාවලිය අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 4 වැනිදා දක්වා ද ශාන්ත කිට්ස් හි Warner Park ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලි සදහා එක්වන Barbados Royals කණ්ඩායමේ නායිකාව ලෙස Hayley Matthews ද, Guyana Amazon Warriors කණ්ඩායමේ නායිකාව ලෙස Stafanie Taylor ද, Trinbago Knight Riders කණ්ඩායමේ නායිකාව ලෙස Deandra Dottin ද කටයුතු කරනවා.

සෑම සංචිතයකටම විදෙස් ක්‍රීඩිකාවන් තිදෙනෙකු බැගින් ඇතුළත්. දකුණු අප්‍රිකාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, නවසීලන්තය හා අමෙරිකා එක්සත් ජනපදය යන රටවලින් විදෙස් ක්‍රීඩිකාවන් මෙම තරගාවලි දෙක සමග සම්බන්ධ වී සිටිනවා.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

Guyana Amazon Warriors: Stafanie Taylor (c), Shermaine Campbell (vc), Chamari Athapaththu (SL), Ayabonga Khaka (SA), Isani Vaghela (USA), Rashada Williams, Rachel Vincent, Kaycia Schultz, Chedean Nationa, Cherry-Ann Fraser, Shamilla Connell, Karishma Ramharak, Shabika Gajnabi, Zaida James

Barbados Royals: Hayley Matthews (c), Shakera Selman (vc), Fatima Sana (Pak), Chloe Tryon (SA), Snigdha Paul (USA), Reneice Boyce, Mandy Rangru, Britney Cooper, Aaliyah Alleyne, Shanika Bruce, Afy Fletcher, Qiana Joseph, Japhina Joseph, Chinelle Henry

Trinbago Knight Riders: Deandra Dottin (c), Anisa Mohammed (vc), Hayley Jensen (NZ), Sune Luus (SA), Geetika Kodali (USA), Lee Ann Kirby, Kyshona Knight, Kycia Knight, Natasha McLean, Sheneta Grimmond, Caneisha Isaac, Jannillea Glasgow, Steffie Soogrim, Shawnisha Hector

Leave a comment