Ultimate magazine theme for WordPress.

ඉයන් චැපල් 45 වසරක හඩට සමු දෙයි

ජ්‍යෙෂ්ට ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායකයෙකු වූ ඉයන් චැපල් සිය විස්තර විචාරක දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා.

78 හැවිරිදි වියේ පසු වන ඔහු වසර 45 ක කාලයක් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කර තිබීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 75 ක් ක්‍රීඩා කර ඇති ඉයන් චැපල් ඉන් තරග 30 කදී ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ලැබුවා.

Richie Benaud, Bill Lawry හා Tony Greig වැනි ජනප්‍රිය විස්තර විචාරකයින් සමග දශක තුනකට අධික කාලයක් ඔහු Channel Nine නාලිකාව සමග ද ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළා.

Leave a comment