Ultimate magazine theme for WordPress.

මුම්බායි ඉන්දියන්ස් සතු නව කණ්ඩායම් දෙකේ නම් නිවේදනය කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 20යි 20 ජාත්‍යන්තර ලීගය හෙවත් International League T20 තරගාවලිය සදහා හා දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත 20යි 20 ලීගය සදහා තරග කරන Reliance Industries Limited ආයතනය සතු කණ්ඩායම් දෙකේ නම් අද (10) නිවේදනය කෙරුණා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලබන්නේ ද Reliance Industries Limited ආයතනයයි.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත International League T20 තරගාවලියට එක්වන ඔවුන්ගේ කණ්ඩායම ‘MI Emirates’ ලෙස හැදින්වීමට නියමිතයි.

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 20යි 20 ලීගයට එක්වන සිය කණ්ඩායම ‘MI Cape Town’ ලෙස හදුන්වන බවයි Reliance Industries Limited ආයතනය සදහන් කළේ.