Ultimate magazine theme for WordPress.

චමීරට හා කුමාරට ආරාධිත 20යි 20 ලීගය අහිමි වෙයි ; සංචිතවලට වෙනස්කම් කිහිපයක්

අද(8) ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘Greens’ කණ්ඩායමේ සංචිතය සදහා මැදපෙල පිතිකරුවෙකු වන ජනිත් ලියනගේ ඇතුළත් කර තිබෙනවා.

තරගාවලිය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් හතරට අයත් සංචිත පසුගිය 27 වැනිදා නිවේදනය කෙරුණු අතර, එම කිසිදු සංචිතයකට මීට පෙර ඔහුව ඇතුළත් කර තිබුණේ නැහැ.

‘Greens’ කණ්ඩායමට ඇතුළත්ව සිටි දිල්ෂාන් මධුෂංක ‘Blues’ කණ්ඩායම වෙත මාරු කිරීමට ද පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ‘Reds’ සංචිතය සදහා ඇතුළත් කර තිබෙනවා.

‘Blues’ කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර හා ‘Reds’ කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙම තරගාවලිය සදහා ක්‍රීඩා නොකරන බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔවුන් දෙදෙනා ආබාධවලට ලක්ව සිටින බැවින් තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

Leave a comment