Ultimate magazine theme for WordPress.

2023 හා 2025 ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරග පැවැත්වෙන ක්‍රීඩාංගනය නිවේදනය කෙරේ

2021-23 වසරවලට හා 2023-25 වසරවලට අදාළ අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරග එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඊයේ එංගලන්තයේ බර්මිංහැම් හී දී නිමා වූ අයි.සී.සී වාර්ෂික රැස්වීමෙන් අනතුරුවයි ජගත් ක්‍රිකට් කවුන්සලය මේ බව නිවේදනය කළේ.

ඒ අනුව 2023 හා 2025 යන වසරවලදී එම අවසන් මහා තරග ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු අදියරේ අවසන් මහා තරගය ද 2021 වසරේ දී ලොඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට පළමුව තීරණය කර තිබූ නමුත්, පසුව එය සවුත්හැම්ටන් ක්‍රීඩාංගනය වෙත මාරු කරනු ලැබුවා.

මේ අතර, රුසියාවේ අයි.සී.සී සාමාජිකත්වය අහෝසි කිරීමට ද මෙම අයි.සී.සී රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

2021 වසරේ දී ඔවුන්ගේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමටයි පියවර ගෙන තිබුණේ.

Leave a comment