පැතුම් ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කෙරේ

පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටි පැතුම් නිස්සංක සංචිතයෙන් නිදහස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
විවේක ගැනීමට හා සුදුසු ශාරීරික යෝග්‍යතාවය ලඟාකර ගැනීම සදහා අවස්ථාව ලබාදෙමින් ඔහුව සංචිතයෙන් නිදහස් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
පාකිස්ථානයට එරෙහි ටෙස්ට් සංචිතයට ඔහු ඇතුළත්ව සිටිය ද මේ දිනවල ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා පැතුම් නිස්සංක ක්‍රීඩා කරන්නේ නැහැ.
ඒ, ඕස්ට්‍රේලියාව සමග නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.
ඔහු වෙනුවට ක්‍රීඩකයකු ශ්‍රී ලංකා සංචිතයට නම් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන නැහැ.