Watch : මෙන්ඩිස් දවා ගැනීමට යසීර් ශාහ් යොමු කළ සුපිරි දග පන්දුව

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (18).
මේ වන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින අතර, පාකිස්තාන පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව මේ වන විට ලකුණු 200කට වැඩි ලකුණු ප්‍රමාණයක් ඉදිරියෙන් පසුවනවා.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ශක්තිමත් කළ ඕෂද ප්‍රනාන්දු ලකුණු 64 ක් රැස් කළා. හයේ පහරක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
කුසල් මෙන්ඩිස් ලකුණු 76යි. හතරේ පහර 9කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.
මෙන්ඩිස් දැවී ගියේ යසීර් ශාහ් යොමු කළ සුපිරි පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්. (දර්ශන පහතින්)
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 222 ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 218 ක් රැස් කළා.
— cric fun (@cric12222) July 18, 2022
What a ripper from Yasir Shah!!!
Ball of the century ✌👌#PAKvsSL #SLvPAK #KingKohli #CricketTwitter #BabarAzam𓃵 pic.twitter.com/g09SXnNQg7
— Shadev Pundir (@pundirshadev1) July 18, 2022