Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගයේ වෙනසක්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මීට පෙර එම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත්, කොළඹ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තරගය ගාල්ලේ දී ම පැවැත්වීමට තීරණය කර ඇති බව සදහන්.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමග ද සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹ තිබෙනවා.

ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 24 වැනිදා සිට ගාල්ලේ දී ම පැවැත්වීමට නියමිතයි.