Ultimate magazine theme for WordPress.

කැන්ඩි ෆැල්කන්ස් නායකයා නිවේදනය කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පත් කර තිබෙනවා.

මේ වන විට ලොව දක්ෂතම දග පන්දු යවන්නෙකු ලෙස සැලකෙන වනිදු මීට පෙර අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ ද පසුවුණා.

LPL තරගාවලියේදී මහනුවර නගරය කේන්ද්‍ර කරගත් කණ්ඩායම පසුගිය තරග වාරයේ දී ඇන්ජෙලෝ පෙරේරා විසින් මෙහෙයවනු ලැබූ අතර, LPL පළමු අදියරේ දී එම කණ්ඩායමේ නායකත්වය දැරුවේ කුසල් පෙරේරා විසින්.

මේ අතර, ෆැල්කන්ස් කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටි පාකිස්ථානයේ උස්මාන් ශින්වාරි ආබාධයකට ලක්ව තිබෙනවා.

ඒ අනුව ඔහුට මෙවර LPL තරඟාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති අතර, ඔහු වෙනුවට පාකිස්ථානයේ අහ්මඩ් ඩනියල් ෆැල්කන්ස් සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, පසුගියදා පැවැති ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාවේ දී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගත් පැතුම් නිස්සංක ද සිය කණ්ඩායම සදහා ක්‍රීඩා කරන බව මීට පෙර කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නිවේදනය කළා.

ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියට ක්‍රීඩා කරන මහනුවර නගරය කේන්ද්‍ර කර ගත් කණ්ඩායම පසුගිය තරග වාරයේ දී කැන්ඩි වොරියර්ස් යන නමිනුයි තරග වැදුණේ.

ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේ දී මහනුවර කණ්ඩායම Kandy Tuskers යන නමින් තරග කරනු ලැබුවා.

කෙසේ වෙතත් මහනුවර කණ්ඩායම මෙවර තරගාවලියේ දී කැන්ඩි ෆැල්කන්ස් (Kandy Falcons) යන නමින් තරග කිරීමට නියමිතයි.

ෆැල්කන්ස් කණ්ඩායම විසින් කොදෙව් දූපත්හි Carlos Brathwaite, Fabian Allen, Andre Fletcher, දකුණු අප්‍රිකාවේ Dewald Brevis, ඔස්ට්‍රේලියාවේ Chris Green යන විදෙස් ක්‍රීඩකයින් ද සිය කණ්ඩායමට මිලදී ගැනීමට කටයුතු කරනු ලැබුවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

කැන්ඩි ෆැල්කන්ස් සංචිතය –

Wanindu Hasaranga, Carlos Brathwaite, Chamika Karunaratne, Fabian Allen, Andre Fletcher, Kamindu Mendis, Dewald Brevis, Chris Green, Isuru Udana, Matheesha Pathirana, Ashen Bandara, Ahmed daniyal, Ashan Priyanjan, Minod Bhanuka, Avishka Perera, Ashian Daniel, Malinda Pushpakumara, Janith Liyanage, Lasith Abeyratne, Kavin Bandara, Pathum Nissanka

Leave a comment