LPL තරග කාලසටහන නිවේදනය කෙරේ

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(12) නිවේදනය කළා.
තරගාවලිය ජූලි 31 වැනිදා සිට ආරම්භ වන බවට මීට පෙර නිවේදනය කර තිබුණත්, අද නිකුත් කළ තරග කාලසටහනට අනුව තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ අගෝස්තු පළමු වැනිදායි.
පළමු තරගය පසුගියවර ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා අනුශූරතාවය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
එම තරගය පස්වරු 3ට ආරම්භ වීමට නියමිත අතර, එදින රාත්‍රී 7.30ට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර තරගයක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙවර තරගාවලිය සදහා ද කණ්ඩායම් 5ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. තරගාවලිය සදහා තරග 24ක් ඇතුළත්.
තරගාවලියේ මූලික වටයට තරග 20ක් ඇතුළත් වන අතර, අවසන් වටය යටතේ තරග 4 ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගාවලියේ පළමු තරග 14 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, අගෝස්තු 13 වැනිදා සිට පැවැත්වෙන ඉතිරි තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
තරග කාලසටහන
