Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තවත් තරගාවලියක් අද(11) නිමා වුණා.

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ දී පැවැති තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය එලෙස නිමාව දුටුවේ තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට පත් වෙමින්.

දෙරට අතර අද නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ඉනිමක හා ලකුණු 39ක විශිෂ්ඨ ජයක් වාර්තා කළා.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයෙන් පරාජයට පත් වීමත් සමග ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදු වූ ශ්‍රී ලංකාව මේ වන විට එහි තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, 54.17 % ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියමින්.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ මෙතෙක් ඔස්ට්‍රේලියාවට හිමිව තිබූ නමුත්, අද තරගයෙන් ලැබූ පරාජයත් සමග ඔවුන් දෙවැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

ඔවුන්ට මේ වන විට හිමිව ඇති ලකුණු ප්‍රතිශතය 70 % ක්.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ මේ වන විට හිමිව ඇත්තේ 71.43 % ක ලකුණු ප්‍රතිශතයක් හිමිව ඇති දකුණු අප්‍රිකාවටයි.

ICC