තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයික් තිදෙනෙකුට කොරෝනා

ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ රැදී සිටින තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
ඊයේ(6) සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදීයි ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හදුනා ගෙන ඇත්තේ.
පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ අසිත ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා හා ජෙෆ්රි වැන්ඩර්සේ යන ක්‍රීඩකයින්ට මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.
මීට පෙර ප්‍රවීන් ජයවික්‍රමට ද කොවිඩ් 19 ආසාදනය වූ අතර, ඒ අනුව මෙම ක්‍රීඩකයින් සිව්දෙනාම වෙනත් හෝටලයක් වෙත මාරු කිරීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.
ඔවුන් සිව්දෙනාම හුදෙකලා කිරීමකට ලක් කර ඇති බැවින් හෙට(8) ගාල්ලේ දී ආරම්භ වන අවසන් ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අස්ථාව ඔවුන්ට අහිමි වනවා.
සෙසු සියලු සාමාජිකයින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කර ඇති අතර, ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.
පළමු ටෙස්ට් තරගය අතරතුර දී කොවිඩ් 19 ආසාදනය වූ ඇන්ජෙලෝ මැතිව්ස් මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා සිටිනවා.
මේ අතර, ශ්‍රී ලංකා සංචිතය සදහා ලක්ෂාන් සදකැන් කැදවීමට ද ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
පළමු ටෙස්ට් තරගයේ දී සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ දග පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සංචිතයෙන් නිදහස් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පසුගියදා තීරණය කළා.
අනතුරුව මහීෂ් තීක්ෂණ, ලක්ෂිත මනසිංහ, දුනිත් වෙල්ලාලගේ හා ප්‍රභාත් ජයසූරිය යන ක්‍රීඩකයින් සංචිතයට කැදවීමටයි පියවර ගැණුනේ.