Ultimate magazine theme for WordPress.

CPL යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන තවත් ඉහළට

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 3ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ද එම තරගාවලියට මෙවර ක්‍රීඩා කිරීමට එකගතාවය පල කිරීමත් සමගයි.

ඔහු ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම සමග විදෙස් ක්‍රීඩකයෙකු ලෙස ගිවිසුම්ගත වී තිබෙනවා.

ඔහුට අමතරව දකුණු අප්‍රිකාවේ ඩිවෝල්ඩ් බ්‍රේවිස් හා ඩ්වේයන් ප්‍රෙටෝරියස්, ඇෆ්ඝනිස්තානයේ Izharulhaq Naveed, පාකිස්තානයේ Qasim Akram යන ක්‍රීඩකයින් ද නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇති බවයි එම කණ්ඩායම නිවේදනය කළේ.

මීට පෙර ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග මෙවර තරග වාරය වෙනුවෙන් ගිවිසුම්ගත වුණා.

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a comment