Ultimate magazine theme for WordPress.

කැන්ඩි වොරියර්ස් නම යළි වෙනස් කෙරේ

ලංකා ප්‍රිමියර් ලිග් (LPL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන මහනුවර නගරය කේන්ද්‍ර කර ගත් කණ්ඩායමේ නම යළි වෙනස් කිරීමකට ලක් කර තිබෙනවා.

පසුගිය තරග වාරයේ දී කැන්ඩි වොරියර්ස් නමින් තරග වැදුණු මහනුවර කණ්ඩායම මෙවර තරගාවලියේ දී Kandy Falcons යන නමින් තරග කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේ දී මහනුවර කණ්ඩායම Kandy Tuskers යන නමින් තරග කරනු ලැබුවා.

මේ අතර, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර සදහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තේරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

කණ්ඩායම් පහේ කළමණාකාරීත්වය හා තරගාවලියේ සංවිධායකයින්ගේ සහභාගීත්වයෙන් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ කටයුතු අතථ්‍ය (Virtual) ක්‍රමවේදයක් ඔස්සේයි සිදු කෙරෙමින් පවතින්නේ.

එහි උණුසුම් තොරතුරු දැනගැනීම සදහා hitwicket.lk සමග රැදී සිටින්න…

Leave a comment