Ultimate magazine theme for WordPress.

තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට කොරෝනා ; දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි වෙයි

ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ රැදී සිටින දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට ද කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

අද පෙරවරුවේ සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඒ බව අනාවරණය වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහු අසනීප තත්ත්වයකින් පසුවීම මත එම වෛද්‍ය පරීක්ෂණය සිදු කර තිබුණා.

ඒ අනුව වහාම ප්‍රවීන් ජයවික්‍රම සෙසු ක්‍රීඩකයින්ගෙන් හුදෙකලා කර තැබීමට පියවර ගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියේ.

දින පහක කාලයක් ඔහු එලෙස හුදෙකලා කර තැබීමට නියමිතයි.

ඒ අනුව එළඹෙන 8 වැනිදා ගාල්ලේ දී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඔහුට අහිමි වනු ඇති.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කර ඇති අතර, ඔවුන් සියලු දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැණුනා.

ඒ හේතුවෙන් ඔහුට තරගයේ තෙවැනි දිනය සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, ඔහු වෙනුවට ඕෂද ප්‍රනාන්දු කොවිඩ් ක්‍රීඩක ආදේශ කිරීම් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කිරීමටයි පියවර ගැණුනේ.

Leave a comment