ශ්රී ලංකාව 20යි 20 තරගාවලිය පරදියි
Match Report

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්රිකට් තරගයෙන් ද පරාජයට පත් වීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම අද(25) සිදු වුණා.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වීම විශේෂත්වයක්.
දඹුල්ලේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 126ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව ඉනිම නිමා වීමට පන්දු 5ක් ඉතිරිව තිබියදී ජයග්රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.
Smriti Mandhana ලකුණු 39ක් රැස් කළ අතර, Harmanpreet Kaur නොදැවී ලකුණු 31යි.
පන්දු යැවීමේ දී ඕෂදී රණසිංහ හා ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් බිද හෙලුවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 125ක් ලබා ගනිමින්.
ඒ, ආරම්භක කඩුල්ල සදහා චමරි අතපත්තු හා විශ්මි ගුණරත්න ලකුණු 87ක සබදතාවයක් ගොඩ නැගූ පසුබිමකයි.
චමරි ලකුණු 47කටත්, විශ්මි ලකුණු 43කටත් දැවී ගියා. සෙසු කිසිදු පිතිකාරිණියකට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.
පන්දු යැවීමේ දී Deepti Sharma කඩුලු 2ක් බිද හෙලුවා.