Ultimate magazine theme for WordPress.

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන නිවේදනය කෙරේ

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අයත් තරග කාලසටහන අද(22) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.

පළමු ටෙස්ට් තරගය එළඹෙන ජූලි 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ගාල්ලේ දී පැවැත්වීමටයි කටයුතු සැලසුම් කර ඇත්තේ.

දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ජූලි 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ටෙස්ට් තරගාවලියට පෙර පාකිස්තාන කණ්ඩායම තෙදින පුහුණු තරගයකට ද එක්වීමට නියමිතව තිබෙනවා.

ජූලි 11 වැනිදා එම තරගය කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය නිවේනදනය කළේ.

තරග සංචාරය ආරම්භ කරමින් පාකිස්තාන කණ්ඩායම ජූලි 6 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.

පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක අවසන් වරට නිරත වුණේ 2015 වසරේ දී යි.

මෙවර සිදු කරන තරග සංචාරයට එක්දින තරග 3ක් ද පළමුව ඇතුළත් කර තිබූ නමුත්, පසුව එය අවලංගු කිරීමට තීරණය කෙරුණා.

3 Day Warm Up : 11th to 13th July 2022 : Colts – Colombo

1st Test Match : 16th to 20th July 2022 : GICS, Galle

2nd Test Match : 24th to 28th July 2022 : RPICS, Colombo

Leave a comment