Watch : පන්දුව කඩුල්ලේ වැදිලත් පිටියේ රැදීමට අසලංක වාසනාවන්ත වූ හැටි

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර සිව්වැනි එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එක් වෙනස්කමක් සිදු කර ඇති අතර, ඒ අනුව වනිදු හසරංග කණ්ඩායමට කැදවා ඇත්තේ ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවටයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය සදහා නම් දැරූ වේග පන්දු යවන්නෙකු නොමැතිව ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රධාන දග පන්දු යවන්නන් සිව්දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම ද එක් වෙනස්කමක් සහිතව මෙම තරගයට පිවිස ඇති අතර, ඒ අනුව පැට් කමින්ස් යළි කණ්ඩායමට කැදවා ඇත්තේ ජායි රිචර්ඩ්සන් වෙනුවටයි.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 34 දී බිද වැටුණා.
අනතුරුව චරිත් අසලංක ද එක් ලකුණක් ලබා සිටියදී දවා ගැනීමේ අවස්ථාවක් ප්‍රතිවාදී කණ්ඩායමට හිමි වූ නමුත්, චරිත් අසලංක තවදුරටත් පිටියේ රැදී සිටීමට වාසනාවන්ත වුණා.
ඒ පැට් කමින්ස් යොමු කළ පන්දුවක් පා ආවරණයේ වැදී කඩුල්ලේ වැදුණු ද කඩුල්ලේ බේල්ස් ඉවත්ව නොයාම හේතුවෙන්.
එහි දර්ශන පහතින් නරඹන්න –
— cric fun (@cric12222) June 21, 2022