Ultimate magazine theme for WordPress.

Update : වර්ෂාව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉලක්කය 282ක් වෙයි

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 300ක් ලබා ගනිමින්.

කුසල් මෙන්ඩිස් පන්දු 87කින් ලකුණු 86ක් නොදැවී රැස් කිරීමට සමත් වුණා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 55ක් ද, පැතුම් නිස්සංක ලකුණු 56ක් ද ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු ඉනිමට පන්දුවාර 12.4ක් අවසානයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් තරගය තාවකාලිකව අත්හිටුවීමට සිදු වුණා.

ඒ වන විට ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 72ක්.

වර්ෂාවෙන් අනතුරුව තරගය රාත්‍රී 9.10ට යළි ආරම්භ කිරීමට තීරණය කෙරුණු අතර, ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 44කදී තරගය ජය ගැනීම සදහා ලද ඉලක්කය ලකුණු 282ක්.

තරගය තාවකාලිකව අත්හිටුවීමට සුළු වේලාවකට පෙර නායක ආරෝන් ෆින්ච් ලකුණු 44කට දවා ගැනීමට වනිදු හසරංග සමත් වුණා.

එහි දර්ශන පහතින් නරඹන්න –