Watch : නිකලස් පූරාන් දවා ගත් සුපිරි කඩුලු 4 මෙන්න

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පාකිස්තානයේ මුල්තාන් හී දී පැවැත්වෙනවා.
පළමු තරග දෙකම සත්කාරක පාකිස්තාන කණ්ඩායම ජය ගත් බැවින් සිය ගෞරවය රැකගැනීමේ සටනක නිරතවීමේ අරමුණින් කොදෙව්වන් අද තරගයට පිවිසුණා.
අද තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක බබාර් අසාම් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.
මෙම තරගයේදී සියල්ලන් මවිතයට පත්කරමින් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ දී දෙවන වරට පන්දුව අතට ගැනීමට නායක නිකලස් පූරාන් කටයුතු කළා.
ඔහු අද තරගයට එක්වුණේ කඩුලු රකින්නෙකු ලෙස නොවෙයි.
ඒ අනුව අනර්ඝ පන්දු යැවීමක නිරත වූ පූරාන් පන්දුවාර 10 ක් සාර්ථකව ක්‍රියාත්මක කරමින් ලකුණු 48 ක් පමණක් ලබා දී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වීම විශේෂත්යක්.
පූරන්ගේ දඟ පන්දු හමුවේ ෆකාර් සමාන්, ඉමාම් උල් හක්, මොහොමඩ් හැරිස් සහ මොහොමඩ් රිස්වාන් වැනි මුල්පෙළ පිතිකරුවන් දැවීයාම කැපී පෙනුණා.
එහි දර්ශන පහතින් නරඹන්න –
— cric fun (@cric12222) June 12, 2022