Ultimate magazine theme for WordPress.

අත්හැර දැමූ තරග යළි පැවැත්වීමට ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්

මේ වන විට පැවැත්වෙන ප්‍රධාන ක්‍රීඩා සමාජ පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ දී වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ තරග යළි පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි කමිටුව තීරණය කර තිබෙනවා.

එක් පන්දුවක් හෝ යැවීමට නොහැකි වූ තරග හා පන්දුවාර කිහිපයක් පමණක් ක්‍රියාත්මක කිරීමට සිදු වූ තරග මෙලෙස යළි පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව(Draft) සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අරමුණින් හා එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් හදුනා ගැනීමේ අරමුණින් මෙම තරගාවලිය පැවැත්වෙනවා.

සියලු ක්‍රීඩකයින්ට සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සදහා සම අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් මෙලෙස අදාළ තරග යළි පැවැත්වීමට තීරණය කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව සංශෝදිත නව තරග කාලසටහන ද ක්‍රිකට් ආයතනය අද ප්‍රකාශයට පත් කළා.