Ultimate magazine theme for WordPress.

මාලිංගට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් යළි තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ උපාය මාර්ගික පුහුණුකරු (Bowling Strategy Coach) වශයෙන් ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරග වෙනුවෙන් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට උපායශීලී අවබෝධයක් සහ තාක්ෂණික විශේෂඥ දැනුමක් ලබා දීම මාලිංගගේ කාර්යය භාරය වනු ඇති.

ඒ තුළින් උපාය මාර්ගික සැලසුම් තරග පිටියේ දී ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සහාය ලබා දීම ලසිත් මාලිංගට පැවරෙන වගකීමයි.

පසුගිය පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ සිදු කළ තරග සංචාරයේ දී ද ලසිත් මාලිංග මෙම තනතුරම දරනු ලැබුවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටුයුතු කළේ ලසිත් මාලිංගයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට සීමිත පන්දුවාර තරග ලෙස 20යි 20 තරග 3ක් හා එක්දින තරග 5ක් පැවැත්වීමට නියමිතයි.

පළමු 20යි 20 තරගය එළඹෙන 7 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී යි පැවැත්වෙන්නේ.