බෝල්ට්, නිකල්ස් පළමු ටෙස්ට් තරගයට අවිනිශ්චිතයි

එංගලන්තය සමග ලබන දෙවැනිදා ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත සංචිතය නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් අද(30) නිවේදනය කළා.
සංචාරය සදහා ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මීට පෙර නම් කළ අතර, එම සංචිතය මෙලෙස ක්‍රීඩකයින් 15 දෙනෙකු දක්වා අවම කිරීමටයි එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.
එමෙන්ම පළමු ටෙස්ට් තරගය සදහා වන සංචිතයට 16 වැනි ක්‍රීඩකයා ලෙස මයිකල් බ්‍රේස්වෙල් නම් කර තිබෙනවා.
දකුණු පාදයේ ආබාධයකට ලක්ව මේ වන විට ක්‍රමයෙන් සුව අතට පත් වෙමින් සිටින හෙන්රි නිකල්ස් පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිතව ඇති බැවින් මයිකල් බ්‍රේස්වෙල් 16 වැනි ක්‍රීඩකයා ලෙස පළමු ටෙස්ට් තරගය සදහා නම් කිරීමටයි තීරණය කර ඇත්තේ.
ඒ අනුව ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයට ඇතුළත්ව සිටි Jacob Duffy, Blair Tickner, Rachin Ravindra හා Hamish Rutherford යන ක්‍රීඩකයින් සංචිතයෙන් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.
මේ අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයට ක්‍රීඩා කිරීමෙන් පසු වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් අද දිනයේ දී ලන්ඩන් නුවරට ළගා වන නමුත්, පළමු ටෙස්ට් තරගය සදහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, සිය බිරිඳ දෙවැනි දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවූ බැවින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වීමට පෙර යළි නවසීලන්තය බලා පිටත්ව ගිය සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ හා නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් මේ වන විට නවසීලන්ත සංචිතය සමග එක්ව සිටිනවා.
නවසීලන්ත සංචිතය :
Kane Williamson (c), Tom Blundell (wk), Trent Boult, Devon Conway, Colin de Grandhomme, Cam Fletcher (wk), Matt Henry, Kyle Jamieson, Tom Latham, Daryl Mitchell, Henry Nicholls, Ajaz Patel, Tim Southee, Neil Wagner, Will Young, *Michael Bracewell