Ultimate magazine theme for WordPress.

Watch : ලොවක් කතා කළ වනිදුගේ සුපිරි පන්දු රැකීම

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට තවත් ඉතිරිව ඇත්තේ තරග දෙකක් පමණයි.

පළමු වරට අයි.පී.එල් ශූරතාවය දිනා ගැනීමේ අරමුණින් මේ වන විට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප්‍රබල සටනක නිරත වෙමින් සිටින බව දක්නට ලැබෙනවා.

ඔවුන් මේ වන විටත් අවසන් වටයේ තෙවැනි තරගය සදහා සුදුසුකම් ලබා ඇති අතර, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එම තරගයෙන් ඔවුන් ජයගතහොත් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව බැංගලෝර් කණ්ඩායමට හිමි වනවා.

බැංගලෝර් කණ්ඩායම අවසන් වටයේ තෙවැනි තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ අවසන් වටයේ දෙවැනි තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා ලකුණු 14ක ජයක් වාර්තා කරමින්.

මෙම තරගයේ දී පන්දුවාර 4ක් යොමු කළ වනිදු හසරංග ලකුණු 42කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

එය ඔහු මෙවර තරග වාරයේ දී දවා ගත් 25 වැනි කඩුල්ලයි.

ඒ අනුව වනිදු හසරංග මේ වන විට මෙවර තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර තවදුරටත් දෙවැනි ස්ථානයේ පසුවනවා.

මෙම තරගාවලියේ දී වනිදු හසරංගගේ පන්දු යැවීම ඉහළ මට්ටමක පැවති නමුත්, පන්දු රැකීම එතරම් සුබදායී තත්ත්වයක පැවතියේ නැහැ.

නමුත්, අවසන් වටයේ දෙවැනි තරගයේ දී වනිදු හසරංග පන්දු රැකීමෙන් ඉතා ඉහළ දක්ෂතාවයක් පෙන්නුම් කිරීම විශේෂත්වයක්.

සුවිශේෂී පන්දු රැකීම් තුළින් පමණක් ඔහු සිය කණ්ඩායමට අවම වශයෙන් ලකුණු 15ක් පමණ ආරක්ෂා කර දීමට සමත් වුණා.

එම අවස්ථා තුළින් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් අවස්ථාවක් වූයේ ඔහු හතරේ සීමාව ආසන්නයේ දී රැක ගැනීමට උත්සාහ කළ උඩ පන්දුවයි.

එම උඩ පන්දුව සාර්ථකව රැක ගැනීමට ඔහු අසමත් වුවත්, එම අවස්ථාවේ දී හතරේ පහරක් වළක්වා ගැනීමට ඔහු දැක් වූ උත්සාහය බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට ලක් වුණා.

එහි දර්ශන පහතින් නරඹන්න –

Leave a comment