Ultimate magazine theme for WordPress.

පිටියේ විනිසුරුවරයෙකු ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අතරතුරදී පිටියෙන් ඉවත් වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිටියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි Richard Kettleborough ක්‍රීඩාංගණයෙන් ඉවත් වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු එලෙස සිය රාජකාරියෙන් ඉවත්ව ඇති බව සඳහන්.

ඒ අනුව ඔහු වෙනුවට තෙවැනි විනිසුරු Joel Wilson පිටියේ විනිසුරුවරයෙකු ලෙස මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

මෙම තරගයට නම් කළ සිව් වැනි විනිසුරුවරයා මේ වන විට තෙවැනි විනිසුරු ලෙස කටයුතු කරනවා.

මේ අතර අද දිනයේ දී බංග්ලාදේශ පළමු ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස ශකිබ් අල් හසාන් ලකුණු 26 කට දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා.

එහි දර්ශන පහතින් නරඹන්න –