ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා හදිසි අනතුරකින් මරුට

ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ඩ්ස් රිය අනතුරක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.
46 වන වියේ පසු වූ ඔහු ක්වීන්ස්ලන්ඩ් හී දී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
1998 වසරේ සිට 2009 වසර දක්වා කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැදී සිටි සයිමන්ඩ්ස් එහිදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 26කට, එක්දින තරග 198කට හා 20යි 20 තරග 14කට ක්‍රීඩා කර තිබුණා.
2003 හා 2007 වසරවලදී ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ද ඔහු කටයුතු කළා.
ඔහුගේ අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට පොලීසිය සදහන් කර ඇත්තේ රාත්‍රී 11 පසු වී සුළු වේලාවකින් මෙම අනතුර සිදුව ඇති බවට මූලික තොරතුරු ලැබී ඇති බවයි.
Hervey Range මාර්ගයේ ධාවනය වූ අදාළ මෝටර් රථය පාලමක් ආසන්නයේ දී මාර්ගයෙන් ඉවතට ගොස් පෙරලී ඇති බව පොලීසිය පෙන්වා දෙනවා.
ඔහුගේ මරණයත් සමග මෙම වසරේ දී මේ දක්වා ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු මිය ගොස් තිබීම ද විශේෂත්වයක්.
මීට පෙර ශේන් වෝර්න් හා රොඩ්නි මාෂ් යන ක්‍රීඩකයින් ද 2022 වසරේ දී අභාවප්‍රාප්ත වුණා.
Think of your most loyal, fun, loving friend who would do anything for you. That’s Roy. 💔😞
— Adam Gilchrist (@gilly381) May 15, 2022