Ultimate magazine theme for WordPress.

IPL තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට වනිදු පත් වෙයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර පෙරමුණ හිමි කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද(13) සමත් වුණා.

ඒ, පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව අද රාත්‍රියේ Brabourne ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ මෙවර තරග වාරයේ 60 වැනි තරගයේ දී යි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව කිංග්ස් කණ්ඩායමට ලබා දුන් අතර, ඒ අනුව පිටියට පිවිසි පංජාබ් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 209ක් රැස් කළා.

ජොනී බෙයාර්ස්ටව් පන්දු 29කින් ලකුණු 66ක් ද, ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 42කින් ලකුණු 70ක් ද ලබා ගනිමින් පංජාබ් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 15කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

වනිදුගේ පන්දු හමුවේ දැවී ගියේ භානුක රාජපක්ෂ හා ජිටේෂ් ෂර්මා යන පිතිකරුවන්.

මේ වන විට තරග 13කදී වනිදු බිද හෙලා ඇති කඩුලු ගණන 23ක්.

මෙතෙක් කඩුලු 23ක් දවා ගනිමින් වැඩිම කඩුලුලාභීන් අතර පෙරමුණේ පසු වූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යුස්වේන්ද්‍ර චෙහල්ට මේ වන විට හිමිව ඇත්තේ එහි දෙවැනි ස්ථානයයි.

ඒ, වනිදු හසරංගට (7.48) වඩා පන්දුවාරයකට ලබා දී ඇති දල ලකුණු ප්‍රමාණය ඔහුගේ (7.54) ඉහළ අගයක් ගැනීම හේතුවෙන්.

වනිදු අද බිද හෙලූ දෙවැනි කඩුල්ල පහතින් නරඹන්න – (වනිදු විසින් භානුක දවා ගත් අයුරු නැරඹීමට මෙතන ක්ලික් කරන්න)