පාකිස්තානයට යන ශ්රී ලංකා සංචිතය නිවේදනය කෙරේ

එළඹෙන පාකිස්තාන තරග සංචාරය සදහා වන ශ්රී ලංකා කාන්තා ක්රිකට් සංචිතය ප්රකාශයට පත් කර තිබෙනවා.
ක්රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය චමරි අතපත්තු විසින් සුපුරුදු පරිදි දරනු ලබනවා.
අතිරේක ක්රීඩිකාවන් 5 දෙනෙකු ද සංචිතයට නම් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
මෙම තරග සංචාරයේ දී දෙරටේ කාන්තා ක්රිකට් කණ්ඩායම් අතර 20යි 20 හා එක්දින තරගාවලි දෙකක් පැවැත්වීමට නියමිතයි.
තරග සංචාරය ආරම්භ කරමින් පළමු 20යි 20 තරගය මැයි 24 වැනිදා කරච්චි හී දී පැවැත්වෙන බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සදහන් කළේ.
තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය අවසන් වන්නේ මැයි 28 වැනිදායි.
ජූනි පළමු වැනිදා සිට 5 වැනිදා දක්වා තරග 3කින් යුත් එක්දින තරගාවලිය කරච්චි හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එක්දින තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවලිය (ICC Women’s Championship) යටතට අයත්.
ශ්රී ලංකා සංචිතය –
1. Chamari Athapaththu – Captain
2. Hasini Perera
3. Harshitha Samarawickrama
4. Imesha Dulani
5. Prasadani Weerakkody
6. Nilakshi de Silva
7. Kavisha Dilhari
8. Ama Kanchana
9. Achini Kulasuriya
10. Inoka Ranaweera
11. Udeshika Prabodhani
12. Sugandika Kumari
13. Sachini Nisansala
14. Oshadhi Ranasinghe
15. Anushka Sanjeewani
අතිරේක ක්රීඩකයින් –
1. Kawya Kavindi
2. Rashmi de Silva
3. Sathya Sandeepani
4. Malsha Shehani
5. Tharika Sewwandi