Watch : රිෂී ධවාන්ගේ සුපිරි පන්දු රැකීම හමුවේ ෂුබ්මන්ට කඩුල්ල අහිමි වූ හැටි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 48 වන තරගය අද(3) රාත්‍රියේදී මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.
ඒ, පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයටන්ස් කණ්ඩායම අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි ගුජරාට් කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 17ක් ලෙස සටහන්ව තිබියදී බිඳ වැටුණා.
ඒ, ෂුබ්මන් ගිල් ලකුණු 9 ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසුවීම හේතුවෙන්.
රිෂී ධවාන් කඩුල්ලට එල්ල කළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම නිසායි ෂුබ්මන් ගිල්ට යළි ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීමට සිදු වූයේ.
දර්ශන පහතින් –
— cric fun (@cric12222) May 3, 2022