එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නව නායකයා නිවේදනය කෙරේ

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් පත් කර තිබෙනවා.
ඒ, පසුගිය 15 වැනිදා එම ධූරයෙන් ඉල්ලා අස් වූ ජෝ රූට් වෙනුවටයි.
එංගලන්ත ක්‍රිකට් ආයතනයේ වැඩබලන සභාපති හා ප්‍රධාන විධායක නිළධාරීවරයා විසින් ඔහුගේ පත් කිරීම අනුමත කර තිබෙනවා.
ඒ, කළමණාකාර අධ්‍යක්ෂ රොබ් කී ගේ නිර්දේශ අනුවයි.
ස්ටොක්ස් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ 81 වැනි නායකයා ලෙසයි ඉතිහාසගත වන්නේ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග නිමා වූ ටෙස්ට් තරගාවලියෙන් ලැබූ පරාජයත් සමග රූට් නායකත්වයෙන් ඉල්ලා අස් වුණා.
ඊට පෙර ඕස්ට්‍රේලියාවේ පැවැති අලුබදුන ටෙස්ට් තරගාවලිය ද එංගලන්ත කණ්ඩායම රූට්ගේ නායකත්වය යටතේ දරුණු පරාජයකට ලක් වුණා.
ජෝ රූට් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස පත් වුණේ 2017 වසරේ දී යි.
එරට ටෙස්ට් ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවකට (64) නායකත්වය ලබා දුන් ක්‍රීඩකයා, වැඩිම ජයග්‍රහණ (27) හා පරාජයන් (26) ලැබූ නායකයා වූයේ ද ජෝ රූට්.