Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ වසර දෙකක කාලයක් සදහා ඔහුව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇති බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රිස් සිල්වර්වුඩ්ගේ පළමු වගකීම බවට පත් වන්නේ එළඹෙන බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරයයි.

එංගලන්ත පුහුණුකරු ලෙස කටයුතු කිරීමට අමතරව ඔහු ක්‍රීඩකයෙකු ලෙස එංගලන්ත ජාතික කණ්ඩායම ද ටෙස්ට් තරග 6කදී හා එක්දින තරග 7කදී නියෝජනය කළා.

නිමා වූ අලුබදුන තරගාවලියේ දී තරග 4-0ක් ලෙස ලැබූ දරුණු පරාජයෙන් අනතුරුව ඔහුව ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමටයි එංගලන්ත ක්‍රිකට් ආයතනය පෙබරවාරි මස මුල් සතියේ දී තීරණය කළේ.

සිල්වර්වුඩ්ගේ පුහුණුකාරීත්වය යටතේ එංගලන්ත කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග 14න් තරග 10ක්ම පරාජයට පත්ව තිබූ අතර, ජය ගෙන තිබුණේ එක් තරගයක් පමණයි.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර්ගේ වසර දෙකක ධූර කාලය පසුගිය දෙසැම්බර් මාසයේ දී අවසන් වූ අතර, ඉන් අනතුරුවයි අදාළ ධූරය මෙතෙක් පුරප්පාඩු වී පැවතුණේ.