Ultimate magazine theme for WordPress.

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ මහා සභා රැස්වීම කොළඹ දී

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ වාර්ෂික මහා සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(17) නිවේදනය කළේ එම රැස්වීම අනිද්දා(19) කොළඹ දී පැවැත්වීමට නියමිත බවයි.

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති හා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජයි ෂාහ්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, හෙට (18) දිනයේදී ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර හමුවක් ද සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.