Ultimate magazine theme for WordPress.

භානුකත් IPL වෙන්දේසියේ දී අලෙවි වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට අවසන් අදියර වෙත පැමිණ තිබෙනවා.

බැංගලූරුහී දී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේ දී මේ වන විට ක්‍රීඩකයින් 179 දෙනෙකු අලෙවි වී අවසන්.

ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 58 දෙනෙකු ද ඇතුළත්.

ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ ද මීට සුළු වේලාවකට පෙර අලෙවි වුණා.

පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකටයි.

චරිත් අසලංක දෙවැනි වරටත් වෙන්දේසියේ අලෙවි වූයේ නැහැ.

අද දිනයේ දී ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කළා.

ඒ අනුව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මිලදී ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණේ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකටයි.

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකට මිලදී ගත්තා.

දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මිලදී ගත්තේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින්.

ඒ, ඉන්දීය රුපියල් ලක්ෂ 70ක මුදලකටයි.

ඊයේ දිනයේ දී වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75ක මුදලකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගත්තා.