Ultimate magazine theme for WordPress.

කුසල් මෙන්ඩිස්ටත් කොරෝනා ; ඔස්ට්‍රේලියානු තරගාවලියත් අහිමි වීමේ අවධානමක්

ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරු කුසල් මෙන්ඩිස්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ඔස්ට්‍රේලියාවේ රැදී සිටින අතර, එරට දී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී මේ බව අනාවරණය වී ඇති බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක අද(8) පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පන්දුවාර 20යි 20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් හිමි වන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලිව යමක් ප්‍රකාශ කළ නොහැකි බව දසුන් කියා සිටියා.

බොහෝ විට 20යි 20 තරගාවලියේ දී කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කිරීමට ඉඩ ඇති බවයි ශ්‍රී ලංකා නායකයා සදහන් කළේ.

කෙසේ වෙතත්, මීට පෙර කොවිඩ් 19 ආසාදනය වූ බවට අනාවරණය වූ චාමික කරුණාරත්නට හා නුවන් තුෂාරට ගැටලුවකින් තොරව 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා කළ හැකි බව දසුන් ශානක පවසා සිටියා.

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගය එළඹෙන 11 වනදා පැවැත්වීමට නියමිතයි.

Leave a comment