Ultimate magazine theme for WordPress.

චාමිකට අවසන් මොහොතේ දී ඔස්ට්‍රේලියානු තරග සංචාරය අහිමි වීමේ අවධානමක්

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානු තරග සංචාරය සදහා හෙට(3) දිනයේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති පසුබිමකයි.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ඔහුව හුදකලා කිරීමකට ලක් කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

කොවිඩ් 19 ආසාදනය වීම නිසා ඔහුට හෙට දිනයේ දී ශ්‍රී ලංකා සංචිතය සමග ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට ද නොහැකි වනු ඇති.

මීට පෙර කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතාට, කණ්ඩායමේ සහාය කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වන (trainer) දිල්ෂාන් ෆොන්සේකාට මෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට ද කොවිඩ් 19 ආසාදනය වී තිබුණා.

ඔවුන් තිදෙනාම ඔස්ට්‍රේලියාවට එරෙහි තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය ලබන 11 වනදා ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා සංචිතය සමග එක්වීමට නියමිත බවයි මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Leave a comment