Ultimate magazine theme for WordPress.

ඕස්ට්‍රේලියානු සංචාරයට ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කෙරේ

ඔස්ට්‍රේලියානු තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා 20යි 20 සංචිතය අද(26) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත්.

උප නායකයා ලෙස නම් කර ඇත්තේ චරිත් අසලංකයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී පසුව එම තීරණය වෙනස් කරමින් යළි ජාත්‍යන්තර පිටියට පිවිසීමට තීරණය කළ භානුක රාජපක්ෂ මෙම සංචාරය සදහා ද නම් කර නැහැ.

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් සිම්බාබ්වේ එක්දින තරගාවලියට ක්‍රීඩා නොකළ අවිශ්ක ප්‍රනාන්දු, ජනිත් ලියනගේ හා කමිල් මිෂාර මෙම සංචාරය සදහා කැදවා තිබෙනවා.

පීතෘ නිවාඩු ලබා ගැනීම හේතුවෙන් එම තරගාවලියට ක්‍රීඩා නොකළ ධනංජය ද සිල්වා ඔස්ට්‍රේලියානු සංචාරයට ද නම් කර නැහැ.

ශාරීරික යෝග්‍යතා මට්ටම නිසි පරිදි නොපවතින බැවින් ළහිරු කුමාරට සිම්බාබ්වේ තරගාවලිය අහිමි වුවත්, ඔහු ඔස්ට්‍රේලියානු සංචාරය සදහා නම් කර තිබෙනවා.

කුසල් ජනිත් පෙරේරාට මෙම තරගාවලිය ද අහිමි වී ඇති අතර, ආබාධයකට ලක්ව සිටි වනිදු හසරංග ඔස්ට්‍රේලියාවට එරෙහි 20යි 20 සංචිතයට ඇතුළත්.

ධනුෂ්ක ගුණතිලක, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු හා ජෙෆ්රි වැන්ඩර්සේ යන ක්‍රීඩකයින් ද මෙම සංචිතය සදහා නම් කර තිබෙනවා.

දෙරට අතර පෙබරවාරි 11 වනදා ආරම්භ වන පන්දුවාර 20යි 20 තරගාවලියට තරග 5ක් ඇතුළත්.

මේ අතර, මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු උපදේශක ලෙස ලසිත් මාලිංග කටයුතු කිරීමට නියමිතව ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

The Squad

01) Dasun Shanaka – Captain
02) Charith Asalanka – Vice-Captain
03) Avishka Fernando
04) Pathum Nissanka
05) Danushka Gunathilaka
06) Kusal Mendis
07) Dinesh Chandimal
08) Chamika Karunaratne
09) Janith Liyanage
10) Kamil Mishara
11) Ramesh Mendis
12) Wanindu Hasaranga
13) Lahiru Kumara
14) Nuwan Thushara
15) Dushmantha Chameera
16) Binura Fernando
17) Maheesh Theekshana
18) Jeffrey Vandersay
19) Praveen Jayawickrama
20) Shiran Fernando – Subject to Ministerial Approval

Leave a comment