Ultimate magazine theme for WordPress.

රොෂාන් මහානාම ක්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයෙකු වන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා ඉන් ඉවත්ව තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු එම කමිටුවෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පත් කළ මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතායි.

මුත්තයියා මුරලිදරන් හා කුමාර් සංගක්කාර යන මහත්වරුන් ද එම කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කරනවා.

අයි.සී.සී හිටපු තරග තීරකවරයෙකු වන මහානාම මහතා ඉදිරියේ දී ආරම්භ වන පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී තරග තීරකවරයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතව සිටින බව ද සදහන්.

Leave a comment