Ultimate magazine theme for WordPress.

LPL අවසන් තරගයේ ප්‍රවේශ පත්‍රවලට වුණ දේ

අද පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ සියලු ප්‍රවේශපත්‍ර මේ වන විට අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ප්‍රේක්ෂකාගාර තුළට ඇතුළත් කර ගත හැකි ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 50% පිරිසකට පමණයි මෙවර තරගාවලියේ දී තරග නැරඹීමට අවස්ථාව හිමි වුණේ.

තරග නැරඹීමට පැමිණෙන්නන් කොරෝනා වෛරසයට එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින් ද විය යුතුයි.

තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7.30ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment