Ultimate magazine theme for WordPress.

පොලාඩ්ට පාකිස්තාන සංචාරය අහිමි වෙයි ; නායකයින් දෙදෙනෙකුත් පත් කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක කිරන් පොලාඩ්ට එළඹෙන පාකිස්තාන තරග සංචාරයට එක්වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු නිමා වූ 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී මුහුණ දුන් පාදයක ආබාධ තත්ත්වය මෙතෙක් සුව නොවීම හේතුවෙන්.

ඒ අනුව පොලාඩ් වෙනුවට කොදෙව් එක්දින කණ්ඩායම ෂායි හෝප් විසින් ද, 20යි 20 කණ්ඩායම නිකලස් පූරාන් විසින් ද පාකිස්තානයේ දී මෙහෙය වීමට නියමිතයි.

පොලාඩ් වෙනුවට එක්දින සංචිතයට කැදවා ඇත්තේ ඩෙවෝන් තෝමස්.

20යි 20 සංචිතයට රොව්මන් පවෙල් ආදේශ කර තිබෙනවා.

මෙම සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිත අතර, සියලු තරග කරච්චි හී දී පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය දෙසැම්බර් 13, 14 හා 16 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර, එක්දින තරගාවලිය දෙසැම්බර් 18, 20 හා 22 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

Also Read : පාකිස්තාන සංචාරයට කොදෙව් ප්‍රබලයින් රැසක් නැහැ

 

Leave a comment