Ultimate magazine theme for WordPress.

ශම්සිට LPL අහිමි වෙයි ; ආදේශක ක්‍රීඩකයාත් නම් කෙරේ

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක ටැබ්රයිස් ශම්සිට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ගාලු කණ්ඩායම නිවේදනය කළේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හදුනා ගැනීමත් සමග පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් ඔහුට මෙවර තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වන බවයි.

ඒ අනුව ශම්සි වෙනුවට ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක නූර් අහ්මඩ් සිය කණ්ඩායමට ආදේශ කළ බව ගෝල් ග්ලැඩියේටර්ස් සදහන් කළා.

මෙවර එල්.පී.එල් තරගාවලිය අනිද්දා (5) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment