Ultimate magazine theme for WordPress.

LPL තරගාවලිය තහවුරුයි – කණ්ඩායම් 5යි – ක්‍රීඩාංගන 4යි – විදෙස් ක්‍රීඩකයින් 70යි

 

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන අගෝස්තු 28 වනදා සිට සැප්තැම්බර් 20 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ අවසරය අද(27) හිමිව තිබෙනවා.

තරගාවලිය සදහා තරග 23ක් ඇතුළත්.

තරගාවලියේ සියලු තරග ආර්.ප්‍රේමදාස, රංගිරි දඹුලු, පල්ලේකැලේ සහ සූරියවැව යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් 5ක් එක්වන බවත්, එම කණ්ඩායම් කොළඹ, නුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන නගර කේන්ද්‍ර කර ගනිමින් නම් කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

විදෙස් ක්‍රීඩකයින් 70 දෙනෙකුට වැඩි පිරිසක් තරගාවලියට එක්වීමට කැමැත්ත පල කර ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Leave a comment