Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට ලෝක කුසලානය අහිමි වෙයි

2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අවාසනාවන්‍ත ලෙස අද අහිමි වුණා.

ඒ, තරගාවලියට අදාලව සිම්බාබ්වේ හි පැවැත්වෙමින් තිබූ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය එරට තුළ පවතින කොවිඩ් 19 රෝගයේ ව්‍යව්‍යාප්තිය හේතුවෙන් අවලංගු කිරීම හේතුවෙන්.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව අද දිනයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරග කිරීමට නියමිතව තිබූ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම තරගය ද අවලංගු කෙරුණා.

තරගාවලිය අවලංගු කිරීම හේතුවෙන් ලබන වසරේ නවසීලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සදහා  ICC ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව පාකිස්තානය, බංග්ලාදේශය  හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් සුදුසුකම් ලබා ගන්නා බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

Leave a comment