Ultimate magazine theme for WordPress.

LPL තරගාවලියට තරග නිළධාරීන් පත් කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සදහා එක්වන තරග නිළධාරීන් පිළිබද තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(23) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව තරග තීරකවරයෙකු වශයෙන් අයි.සී.සී තරග තීරකවරුන්ගේ ප්‍රධානියා වන රංජන් මඩුගල්ල මහතා සහ විනිසුරුවරයෙකු ලෙස අයි.සී.සී ප්‍රධාන විනිසුරු මඩුල්ල (ICC Elite Panel of Umpires) නියෝජනය කරන කුමාර් ධර්මසේන යන මහත්වරුන් ද එල්.පී.එල් තරගාවලිය සදහා එක් වීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

LPL Match Referee Panel:

Graeme La Brooy, Ranjan Madugalle, Manoj Mendis, Wendell La Brooy

LPL Umpiring Panel:

Rohitha Kottahachchi, Ravindra Kotttahachchi, Asanga Jayasuriya, Hemantha Botheju, Deepal Gunawardena, Keerthi Bandara, Prageeth Rambukwella, Ruchira Palliyaguruge, Kumar Dharmasena, Raveendra Wimalasiri, Lyndon Hannibal