Ultimate magazine theme for WordPress.

ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙක් ජැෆ්නා කිංග්ස් සමග එක් වෙයි

දකුණු අප්‍රිකානු පිතිකරු ෆෆ් ඩු ප්ලෙසිස් හා පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබෙනවා.

ඒ, එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන්.

ඩු ප්ලෙසිස් එම කණ්ඩායම සමග ගිවිසුම් ගත වී ඇත්තේ ප්‍රධාන විදේශීය ක්‍රීඩකයා (Overseas Ican Player) ලෙසයි.

වහබ් රියාස් Overseas Diamond Player ලෙස ජැෆ්නා කණ්ඩායම සමග එක්ව තිබෙනවා.

පළමු අදියරේ දී ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායමේ නායකයා වූ තිසර පෙරේරා, දෙවැනි අදියරේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන බව මීට පෙර නිවේදනය කෙරුණා.

පළමු අදියරේ දී ස්ටෑලියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වූ තිළිණ කන්ඩම්බි මහතා කිංග්ස් කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

Leave a comment